සංගීතඥයන් දෙදෙනෙකුට අධිකරණයට අපහාස කිරීමේ ගැටලුවක්

කොළඹ වාණිජ මහාධිකරණය විසින් නිකුත් කරන ලද වාරණ නියෝගයක් කඩ කිරීම සම්බන්ධයෙන් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත ‘ජය ශ්‍රී’ සංගීත කණ්ඩායමට නොතීසි නිකුත් කර තිබේ.

2021 දෙසැම්බරයේදී කොළඹ වාණිජ මහාධිකරණය විසින් සංගීත කණ්ඩායමේ සාමාජිකයින් දෙදෙනෙකුට එහි නව ඇල්බම් දෙක වන ‘මොඩ් ගොවියා’ සහ සුන්දරියේ ගීත 20 ක් අන්තර්ජාලයට මුදා හැරීම, ගායනා කිරීම හෝ ප්‍රවර්ධනය කිරීම වළක්වාලමින් වාරණ නියෝගයක් නිකුත් කළේය.

කණ්ඩායම විසිර ගිය පසු එම ගීතය එළිදැක්වීමට සොහොයුරන් දෙදෙනා උත්සාහ කරන බව පවසමින් සහෝදර සංගීත කණ්ඩායමේ සාමාජික අරුණ ලියනගේ විසින් ගොනු කළ පැමිණිල්ලකට අනුවයි සංගීත කණ්ඩායමේ රෝහිත ජයලත් සහ රෝහණ ජයලත් වෙත මෙම වාරණ නියෝගය නිකුත් කර ඇත්තේ.

මෙම නඩුව අද සළකා බැලූ කොළඹ වාණිජ මහාධිකරණය එම වාරණ නියෝගය කඩ කිරීමේ චෝදනාව මත රෝහිත ජයලත්ට සහ රෝහණ ජයලත්ට නොතීසි නිකුත් කළේය.

අධිකරණ නියෝගයක් කඩ කිරීම බරපතල වරදක් බව අරුණ ලියනගේ වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් පෙන්වා දී තිබුණා.

මෙම නඩුව 2022 ජනවාරි 27 වැනි දින කොළඹ වාණිජ මහාධිකරණය විසින් නැවත වරක් සලකා බැලීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *