ශිෂ්‍ය ක්‍රියාකාරික හෂාන් ජීවන්ත නිදහස් කරයි.

රාජ්‍ය විරෝධී උද්ඝෝෂණවලට සම්බන්ධවීම හේතුවෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ (අවිශිබම) සාමාජික හෂාන් ජීවන්ත නිදහස් කර තිබේ.

ජීවන්ත අද අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මුදා හැරිය බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රේමිත බණ්ඩාර තෙන්නකෝන් ප්‍රකාශ කළා.

ජීවන්තට එරෙහිව ලබාදුන් දින 90ක රැඳවුම් නියෝගය පොලිසිය විසින් ඔහුට එරෙහි විමර්ශන අවසන් කර ඇති බැවින් ඔහුට එරෙහිව ලබාදී තිබූ දින 90ක රැඳවුම් නියෝගය අවලංගු කළ බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

අගෝස්තු 18දා, ආර්ථික අර්බුදයට හා ආන්ඩුවේ මර්දනයට විරෝධය දැක්වීම සඳහා අවිශිබම විසින් මෙහෙයවන ලද පාගමනක් අතරතුරදී පොලිසිය 20කට ආසන්න පිරිසක් අත් අඩංගුවට ගත්තේය.

බොහෝ විරෝධතාකරුවන් පසුව නිදහස් කරන ලද නමුත්, වසන්ත මුදලිගේ, හෂාන් ජීවන්ත සහ ගල්වැව සිරිධම්ම යන ශිෂ්‍ය නායකයින් දිගින් දිගටම රඳවා තබා ගැනීම යුක්ති සහගත කිරීමට ආන්ඩුව අගෝස්තු 22දා සිය ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත (PTA) ක්‍රියාත්මක කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *