ශ්‍රී ලංකා පාපන්දු ක්‍රීඩක ඩක්සන් පුස්ලස් මාලදිවයිනේ දී මිය යයි

මාලදිවයිනේ දිවේහි ප්‍රිමියර් ලීග් තරඟාවලියට ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකා ජාතික පාපන්දු ක්‍රීඩක ඩක්සන් පුස්ලස් මිය ගොස් ඇති බව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය පවසයි.

31 හැවිරිදි ඔහු මාලදිවයිනේ දිවීහි ප්‍රිමියර් ලීගයේ ක්ලබ් වැලෙන්සියා වෙනුවෙන් ක්‍රීඩා කරමින් සිටි අතර ඔහුගේ සිරුර ඊයේ ඔහුගේ මහල් නිවාසයේ තිබී සොයා ගන්නා ලදී.

“ශ්‍රී ලංකා පාපන්දු ජාතික ක්‍රීඩක ඩක්සන් පුස්ලස් මාලදිවයිනේ දී අභාවප්‍රාප්ත වීම පිළිබඳව බලවත් ශෝකයෙන් යුතුව ප්‍රකාශ කරනවා. ශ්‍රී ලංකා පාපන්දු සභාපති ජස්වර් උමාර් සහ FFSL ඩක්සන් පුස්ලස්ගේ පවුලේ අයට සහ මිතුරන්ට අපගේ හෘදයාංගම ශෝකය ප්‍රකාශ කිරීමට කැමැත්තෙමු. අපගේ ප්‍රාර්ථනාව මේ දුක්බර මොහොතේ ඔබ සමඟයි.ඔහුගේ ආත්මයට නිවන්සුව ලැබේවා!!!” යනුවෙන් ශ්‍රී ලංකා පාපන්දු නිල ෆේස්බුක් පිටුවේ සඳහන් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *