ශ්‍රී ලංකා ක්‍රිකට් ඔස්ට්‍රේලියානු සංචාරයේ පන්දු යැවීමේ උපාය මාර්ග පුහුණුකරු ලෙස ලසිත් මාලිංග පත් කරයි.

එළැඹෙන ඔස්ට්‍රේලියානු සංචාරය සඳහා වන ජාතික කණ්ඩායමේ ‘බෝලිං උපාය මාර්ගික පුහුණුකරු’ ලෙස ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක සහ එක්දින සහ විස්සයි20 කණ්ඩායමේ හිටපු නායක ලසිත් මාලිංග පත් කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

විශේෂඥ පුහුණුකරුවෙකු ලෙස ඔහුගේ නව කෙටි කාලීන භූමිකාව තුළ මාලිංග, ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට සහය වන අතර, උපාය මාර්ගික සැලසුම් ක්‍රියාත්මක කිරීමට පිටියේ උපායශීලී අවබෝධයක් සහ තාක්ෂණික විශේෂඥතාවක් ලබා දෙනු ඇත.

විශේෂයෙන්ම T20 ආකෘතියේ මාලිංගගේ අතිවිශාල අත්දැකීම් සහ කීර්තිමත් පන්දු යැවීමේ ප්‍රවීණතාවය මෙම තරඟාවලියට යාමට කණ්ඩායමට ඉමහත් උපකාරයක් වනු ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් විශ්වාස කරයි.

“අපට ඉතා දක්ෂ තරුණ පන්දු යවන්නන් කිහිප දෙනෙක් සිටින අතර ඔවුන්ගේ දියුණුවට උපකාර කිරීම සඳහා මගේ අත්දැකීම් සහ දැනුම බෙදාහදා ගැනීමට අවස්ථාව ලැබීම ගැන මම ඉතා සතුටට පත්වෙනවා,” මාලිංග ඔහුගේ පත්වීමෙන් පසුව අදහස් දැක්වීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තාක්ෂණික උපදේශක කමිටුව සමඟ සාකච්ඡා කර ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව විසින් ඔහුව පත් කරන ලදී.

පත්වීම 2022 පෙබරවාරි 1 සිට 20 දක්වා බලපැවැත්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *