ශ්‍රී ලංකාව තම තාවකාලික දුෂ්කරතා ඉක්මනින් ජය ගනු ඇතැයි චීනය මත පළ කරයි…

ශ්‍රී ලංකාව සිය තාවකාලික දුෂ්කරතා ඉක්මනින් ජය ගනු ඇතැයි විශ්වාස කරන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය අද ප්‍රකාශ කළේය.

09 පැවති චීන විදේශ අමාත්‍යාංශයේ මාධ්‍ය හමුව පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් තානාපති කාර්යාලය මෙම අදහස් පළ කළේය.

“ශ්‍රී ලංකා රජය සහ ජනතාවගේ ප්‍රයත්නයන් සහ සහයෝගීතාවයෙන් රට තාවකාලික දුෂ්කරතා ඉක්මනින් ජයගෙන ඊටත් වඩා විශාල සංවර්ධනයක් වැළඳ ගනු ඇතැයි විශ්වාස කෙරේ” යනුවෙන් තානාපති කාර්යාලය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේය.

මෙම මාධ්‍ය හමුවේදී චීන විදේශ අමාත්‍යාංශය පවසා ඇත්තේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇතිකරගත් දා සිට චීනය සහ ශ්‍රී ලංකාව අන්‍යෝන්‍ය අවබෝධයක් පෙන්නුම් කර ඇති අතර එකිනෙකාට සහය පළ කර ඇති බවයි.

චීනය ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථීක සංවර්ධනය සඳහා තම හැකියාවට ඉඩ ලැබෙන පරිදි ආධාර ලබාදී ඇති බවත්, ඉදිරියටත් එය සිදුකරන බවත් අමාත්‍යාංශය වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *