ශ්‍රී ලංකාවේ 600 වැනි පොලිස් ස්ථානය විවෘත කෙරේ

මහජන ආරක්‍ෂක අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා විසින් ශ්‍රී ලංකාවේ 600 වැනි පොලිස් ස්ථානය ගම්පහ දිස්ත්‍රික්කයේ නුංගමුව ප්‍රදේශයේ අද විවෘත කෙරිණි.

මේ රටේ ජනතාවට බියෙන් සැකෙන් තොර සමාජයක් බිහිකිරීමේ අරමුණින් අමාත්‍ය වීරසේකර මහතා ආරම්භ කළ නව වැඩපිළිවෙළ යටතේ ස්ථාපිත 106 වැනි පොලිස් ස්ථානයයි.

ශ්‍රී ලංකාවේ දැනට පවතින පොලිස් ස්ථාන 494 ට එකතු කර නව පොලිස් ස්ථාන 190 ක් ඉදිකරන බව වීරසේකර ඇමැතිවරයා පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *