ශ්‍රි පාද වන්දනාකරුවන් පිරිසකට බඹර ප්‍රහාරයක්..

ශ්‍රි පාද වන්දනාවේ පැමිණි වන්දනාකරුවන් පිරිසකට (16) දින පස්වරුවේ එල්ල වු බඹර ප්‍රහාරයකින් තුවාල ලැබු 50 දෙනෙකු පමණ ප්‍රතිකාර ලබා ගැනිමට තම රෝහලට පැමිණි බවත්, එම රෝගින් අතරින් බරපතල තත්ත්වයේ සිටි රෝගින් 30 දෙනෙකු පමණ වටවල ප්‍රාදේශිය රෝහල සහ දික්ඔය මුලික රෝහල වෙත මාරු කර යැවු බව නෝටන්බ්‍රිජ් ප්‍රාදේශිය රෝහලේ වෛද්‍ය පි.සි.ද සොයිසා මහතා පැවසිය.

අනුරාධපුර සිට ශ්‍රි පාද වන්දනාවේ පැමිණි මෙම පිරිස නෝටන්බ්‍රිජ් විමලසුරේන්ද්‍ර ජලාශයේ සිට කැළණි ගගට ජලය ගලා බසින කෙසෙල්ගමුඔයේ දිය නාමින් සිටියදි විශාල ගසක බැද තිබු බඹර කුඩුවකට කිසියම් පුද්ගලයෙකු ගලකින් පහර දිම නිසා  බඹරුන් ඇවිස්සි  (16) දින පස්වරු 4.30 ට පමණ මෙම පිරිසට බඹරුන් පහර දි ඇති බවයි වෛද්‍යවරයා කියා සිටියේ.

බඹර ප්‍රහාරයෙන් තුවාල ලැබු අය අතර කාන්තාවන් සහ කුඩා ළමුන් කිහිප දෙනෙකු සිටින බවත්, තුවාලකරුවන් යුධ හමුදාවේද සහයෝගය ඇතිව රෝහල් ගත් කල බවත්, තුවාලකරුවන් කිහිප දෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි නෝටන්බ්‍රිජ් ප්‍රාදේශිය රෝහලේ වෛද්‍යවරයා කියා සිටියේ.

බඹර ප්‍රහාරය සම්බන්ධයෙන් නෝටන්බ්‍රිජ් පොලිසිය පරික්ෂණ පවත්වයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *