ශ්‍රී ලාංකික සරණාගතයින් ප්‍රංශ රියුනියන් දූපත් සහ ජපානයෙන් පිටුවහල් කරයි.

ප්‍රංශ රියූනියන් දූපත්වල රැකවරණය පතා සිටි ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු සහ ජපානයේ නීතිවිරෝධී ලෙස ජීවත් වූ තවත් අයෙකු අඟහරුවාදා (25) ශ්‍රී ලංකාවට පිටුවහල් කර ඇත.

ඩේලි නිවුස් පුවත්පතට අනුව බෝට්ටු මගින් රියුනියන් දූපතට පැමිණ නීතිවිරෝධී ලෙස ප්‍රංශයට ඇතුළු වීමට සූදානමින් සිටි ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු අඟහරුවාදා (25) ශ්‍රී ලංකාවට පිටුවහල් කර ඇත.

මෙලෙස පිටුවහල් කර ඇත්තේ ආරච්චිකට්ටුව, පලුගස්වැව ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණයෙකු සහ බංගදෙණිය, සින්නක්කාරු ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි කාන්තාවක්.

ඔවුන් 2018 වසරේ අවසානයේ හලාවත සිට බෝට්ටුවකින් ප්‍රංශයට ගොස් ඇති අතර විවිධ හේතු දක්වමින් මෑතක් වනතුරුම එහි රැඳී සිට ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර, නීතිවිරෝධී ලෙස ජපානයට ඇතුළු වී වසර 11ක් එහි ජීවත් වූ පුද්ගලයෙකු ද අඟහරුවාදා (25) ශ්‍රී ලංකාවට පිටුවහල් කර තිබේ.

2011 වසරේ රහසේ ජපානයට ගොස් ඇති 37 හැවිරිදි මොහු නොච්චියාගම, උඩුනුවර ජනපදයේ පදිංචිකරුවෙකු බවට හඳුනාගෙන ඇත.

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණි අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) නිලධාරීන් විසින් මෙම පුද්ගලයන් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *