ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති කබ්රාල්ගේ විදෙස් ගමන් තහනම දීර්ඝ කරයි.

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට පනවා තිබූ විදෙස් ගමන් තහනම තවදුරටත් දීර්ඝ කර තිබෙනවා.

විදෙස් ගමන් තහනම 2022 නොවැම්බර් 24 දක්වා දීර්ඝ කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා.

එමෙන්ම රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් ද අධිකරණය විසින් නිකුත් කරනු ලැබුවා. පුද්ගලික පැමිණිල්ලක් මත අජිත් නිවාඩ් කබ්රාල්ට මිලියන 01 බැගින්.

දකුණු සහ මධ්‍යම පළාත් හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා විසින් ගොනු කර තිබූ පෞද්ගලික පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුවයි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මෙම නියෝග නිකුත් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *