ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සැසිවාර කපා දමයි.

මේ සතියේ පැවැත්වීමට නියමිතව තිබූ පාර්ලිමේන්තු කටයුතු දින දෙකකට සීමා කළ බව සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද නිවේදනය කළේය.

මෙම සතියේ පාර්ලිමේන්තු සැසිවාරය ජුනි 24 සිකුරාදා දක්වා පැවැත්වීමට නියමිතව තිබුණි.

කෙසේ වෙතත් අද සහ හෙට (22) පමණක් පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු කාරක සභාව තීරණය කර තිබේ.

පවතින ඉන්ධන අර්බුදය සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන ඇති බව අමාත්‍ය ගුණවර්ධන මහතා පැවසීය.

විපක්ෂයේ පක්ෂ වන සමගි ජන බලවේගය (SJB) සහ ජාතික ජන බලවේගය (NPP) මේ සතියේ පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු කටයුතු වර්ජනය කරන බව අද පෙරවරු ‍වෙත ප්‍රකාශ කර තිබුණි.

මෙතෙක් පැවති පාර්ලිමේන්තු සැසිවාර මහජනතාවට සෙත සැලසීමට හෝ ඔවුන්ගේ ජීවනෝපාය වැඩිදියුණු කිරීමට අපොහොසත් වී ඇති අතර රට තුළ පවතින අර්බුද විසඳීමට රජය අපොහොසත් වී ඇති බව දෙපාර්ශවයම අනාවරණය කර තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *