ශ්‍රී ලංකා කරාතේ කණ්ඩායම ලන්ඩන් ගුවන් තොටුපළෙන් පිටුවහල් කිරීම සම්බන්ධව විමර්ශනයක් සිදු කරයි.

2022 පොදුරාජ්‍ය මණ්ඩලීය කරාටේ ශූරතාවලියට සහභාගි වීම සඳහා එංගලන්තයේ හීත්‍රෝ ගුවන් තොටුපළට පැමිණීමෙන් පසු ජාතික කරාතේ-දෝ කණ්ඩායම පිටුවහල් කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

අවශ්‍ය සියලු අනුමැතිය ලබාගෙන සිටි ශ්‍රී ලංකා කරාටේ-දෝ කණ්ඩායම හීත්‍රෝ ගුවන් තොටුපළේදී ප්‍රශ්න කිරීමෙන් අනතුරුව ඔවුන්ගේ වීසා බලපත්‍ර අවලංගු කර නැවත ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු කර ඇත.

කණ්ඩායමේ සාමාජිකයින්, කාර්ය මණ්ඩලය සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දෙමාපියන්ගේ ඉල්ලීම් මත මේ සම්බන්ධයෙන් ජාතික ක්‍රීඩා සභාව සමඟ රැස්වීමක් පැවැත්විණි.

තුන්වන පාර්ශ්වයක් සහ කරාතේ දෝ සම්මේලනයේ වත්මන් අධ්‍යක්ෂ මණ්ඩලය අතර ඇති වූ ගැටුමක් හේතුවෙන් වීසා බලපත්‍ර අවලංගු කර ඇති බවට අනාවරණය වී ඇති බව ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.

ජාතික ක්‍රීඩා සංගමයේ සාමාජිකයන් සමඟ ඇති වූ ගැටුමක් හේතුවෙන් පිටස්තර පිරිසක් ක්‍රීඩක ක්‍රීඩිකාවන් දැඩි අපහසුතාවයට පත් කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගීත්වයට බලපෑම් එල්ල කර තිබුණි.

එවැනි ක්‍රියාවන් හෙළා දකිමින් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා වැරදිකරුවන්ට එරෙහිව අවශ්‍ය පියවර ගන්නා බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *