ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කරයි

සංචාරක එංගලන්ත ක්‍රිකට් පිලට එරෙහිව අද(22) ආරම්භ වන තරග තුනකින් සමන්විත එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියට සහභාගි වීම සඳහා ක්‍රීඩකයන් 17 කින් යුත් සංචිතයක් නම් කර තිබේ.
චරිත් අසලංක තව දුරටත් ශ්‍රී ලංකා එක්දින පිලේ නායකයා ලෙස කටයුතු කරයි.

මෙම තරගාවලිය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී මේ මස 22, 24 සහ 27 යන දිනවලදී පැවැත්වේ.

චරිත් අසලංක (නායක), පැතුම් නිස්සංක, කමිල් මිෂාර, කුසල් මෙන්ඩිස්, සදීර සමරවික්‍රම, පවන් රත්නායක, ධනංජය ද සිල්වා, ජනිත් ලියනගේ, කමිඳු මෙන්ඩිස්, දුනිත් වෙල්ලාලගේ, වනිඳු හසරංග, ජෙෆ්රි වැන්ඩසේ, මහීෂ් තීක්‍ෂණ, මිලාන් රත්නායක, අසිත ප්‍රනාන්දු, ප්‍රමෝද් මධුෂාන් සහ ඒෂාන් මාලිංග

Leave a Reply

Your email address will not be published. Required fields are marked *