ශ්‍රී ලංකා ඉන්ධන ඉල්ලීම ගැන රුසියානු විදේශ අමාත්‍යාංශය ප්‍රතිචාර දක්වයි.

බලශක්ති අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ආධාර ඉල්ලා රුසියාවට ශ්‍රී ලංකාවෙන් ඉල්ලීමක් ලැබී ඇති බව රුසියානු මාධ්‍ය RIA Novosti වාර්තා කරයි.

වාර්තාවට අනුව, රුසියානු විදේශ අමාත්‍යාංශය පැවසුවේ එහි විධිවිධාන පිළිබඳ ගැටළු සලකා බලමින් සිටින බවයි.

රුසියානු විදේශ අමාත්‍යාංශය වැඩිදුරටත් පැවසුවේ රුසියාව සහය ලබාදීමේ මීළඟ පියවර සම්බන්ධයෙන් මේ වන විට සලකා බලමින් සිටින බවයි

“මොස්කව් කොළඹට උදව් කරන්නේ කෙසේද යන ප්‍රශ්නය තවමත් සලකා බලමින් පවතින අතර ස්ථිර පියවර ගැන කතා කිරීමට කල් වැඩිය” යනුවෙන් අමාත්‍යාංශය වැඩිදුරටත් පැවසීය.

ඛනිජ තෙල් නිෂ්පාදන මිලදී ගැනීම සඳහා ශ්‍රී ලංකාවෙන් කළ ඉල්ලීමක් සම්බන්ධයෙන් රුසියාව සලකා බලමින් සිටින බව ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය ඊයේ අනාවරණ කළා.

රුසියානු තානාපති කාර්යාලයේ පළමු ලේකම් Anastacia Hathlova පැවසුවේ රුසියානු සමූහාණ්ඩුව මෙම ක්‍රියාවලියට සහාය දෙන බවයි.

ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිවරයා සහ ශ්‍රී ලංකාවේ බලශක්ති අමාත්‍යවරයා අතර මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වූ බවට පළ වූ මාධ්‍ය වාර්තා ද හත්ලෝවා ප්‍රතික්ෂේප කළේය.

ශ්‍රී ලංකාව සිය වත්මන් ඉන්ධන හිඟයට පිළියම් යෙදීම සඳහා ඉදිරිපත් වී සිටින රටවල් කිහිපයක් අතර රුසියාව ද වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *