ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව පුනර්ජනනීය බලශක්තිය ගැන සාකච්ඡා පවත්වයි.

ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ ආයෝජන සඳහා අවස්ථා ගවේෂණය කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය (PMD) පවසයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් පෝල් ස්ටීවන්ස් මහතා අතර මූලික වටයේ සාකච්ඡාවක් පැවැති බව පීඑම්ඩී ප්‍රකාශ කළේය.

ඔස්ට්‍රේලියානු ආයෝජකයින් පිරිසකගේ සහභාගීත්වයෙන් අද (14) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී මෙම සාකච්ඡාව පැවැත්විණි.

පවතින විදුලි අර්බුදයට පිළියමක් ලෙස පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ නව ආයෝජන දිරිමත් කිරීමට සහ අඛණ්ඩ විදුලි සැපයුමක් සහතික කිරීමට ජනාධිපතිතුමා ප්‍රමුඛත්වය දී ඇති බව පීඑම්ඩී වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *