ශ්‍රී ලංකාව ප්‍රථම වරට කාන්තා T20 ආසියානු කුසලානයේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි.

ශ්‍රී ලංකාව කාන්තා විස්සයි20 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවේ පකිස්තානයට එරෙහිව ලකුණු 1ක ජයක් ලබාගනිමිනි.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඔවුන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 122ක් රැස්කිරීමට සමත්විය.

හර්ෂිත සමරවික්‍රම ලකුණු 35ක් රැස් කළ අතර අනුෂ්කා සංජීවනී ලකුණු 26ක් ද, නිලක්ෂි ද සිල්වා සහ හසිනි පෙරේරා ලකුණු 14ක් සහ 13 බැගින් ද ලබා ගත්හ.

පාකිස්තානය වෙනුවෙන් නෂ්රා සන්දු කඩුලු 3ක් දවාගත් අතර සාදියා ඉක්බාල්, නීඩා ඩාර් සහ අයිමන් අන්වර් එක් කඩුල්ල බැගින් දවා ගත්හ.

ලකුණු 122 ක ඉලක්කයක් හඹාගිය පකිස්ථාන කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ ලකුණු 06 ක් දැවී ලකුණු 121 ක් රැස්කරමින් ලකුණු 1 කට දැවී ගියේය.

බිස්මා මරූෆ් ලකුණු 42ක් රැස් කළ අතර, නිඩා ඩාර් ලකුණු 26ක්, මුනීබා අලි ලකුණු 18ක් සහ ඔමයිමා සොහයිල් ලකුණු 10ක් ලබා ගත්හ.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉනෝකා රණවීර කඩුලු 2ක් දවාගත් අතර, සුගන්දිකා කුමාරි සහ කවිෂා දිල්හාරි එක් කඩුල්ල බැගින් දවා ගත්හ.

2022 ඔක්තොම්බර් 15 සෙනසුරාදා පැවැත්වෙන කාන්තා T20 ආසියානු කුසලාන අවසන් මහා තරඟයේදී ශ්‍රී ලංකාව ඉන්දියාව සමග තරග වදිනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *