ශ්‍රී ලංකාවට තවත් ගුවන් සේවා දෙකක් ඉදිරියේදී…

රුසියාවේ ජාතික ගුවන් සේවය වන Aeroflot ඉරිදා (ඔක්තෝබර් 9) සිට සතියකට ගුවන් ගමන් දෙකක් ශ්‍රී ලංකාවට ක්‍රියාත්මක කරන බව සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

නොවැම්බර් මස මුල සිට සතියකට වරලත් ගුවන් ගමන් 4 ක් පියාසර කිරීමට Azur Air වරලත් ගුවන් සේවයට ද අවසර ලබා දී ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් හරීන් ප්‍රනාන්දු වැඩිදුරටත් කියා සිටියේ මෙම වර්ධනය රුසියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින්ගේ පැමිණීම සැලකිය යුතු ලෙස ඉහළ නංවන බවත් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයට සහ රුසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට ඔවුන්ගේ උත්සාහයට ස්තූති කරන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *