ශ්‍රීලනිප ලේකම්ගෙන් මැකෝට ලිපියක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පසුගිය දිනවල කෙරුණු පත්කිරීම්වලට එහි වැඩබලන මහ ලේකම් සාරතී දුෂ්මන්ත මිත්‍රපාල මහතා මැතිවරණ කොමිෂන් සභාව හමුවේ ඊයේ(17) විරෝධතා ගොනුකර ඇත.

විරෝධතා බාරදෙමින් පක්ෂයේ ලේකම්වරයා පවසා ඇත්තේ පක්ෂයේ කටයුතු පක්ෂ ව්‍යවස්ථාව අනුව සිදු විය යුතු බවයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ. එල් රත්නායක මහතා පැවසුවේ පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසක් නීතිඥවරයකු මාර්ගයෙන් මෙසේ විරෝධතා බාර දුන් බවයි.

මැතිවරණ කොමිෂන් සභාව අද(18) රැස්වී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ශවයන් ඉදිරිපත් කර ඇති කරුණු සහ විරෝධතා සලකා බලා සුදුසු තීරණයක් ගන්නා බවද ඔහු සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *