ශ්‍රීලනිපයට වෙන්න යන දේ – දයාසිරි මතක් කරයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීමට කුමන්ත්‍රණකාරින් කටයුතු කරන බව පෙනෙන්නට ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය.

මෙවැනි අර්බුද මීට පෙරද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇති වී තිබෙන බව පැවසූ හිටපු ලේකම්වරයා පක්ෂයේ බලය අල්ලා ගැනීමට කටයුතු කරන කුමන්ත්‍රණකාරින් සභාපතිවරයා හරහා තමා ලේකම් ධුරයෙන් ඉවත් කළ බවද කීය.

ලේකම් ධුරයෙන් ඉවත් යන විට ඊළඟට පහර දෙන්නේ ඔබතුමාට යැයි තමා එදා මෛත්‍රීපාල සිරිසේන මහතාට පැවසූ බව සිහිපත් කළ ජයසේකර මහතා මේ වන විට එය සත්‍යයක් වී ඇතැයිද පැවසීය .

දැනට වාරණයට ලක් කර සිටින සභාපතිවරයාට එරෙහිව ඇති නඩුවේ තුන්වෙනි වග උත්තරකරුවන්නේ නිමල් සිරිපාල ද සිල්වා මහතා යැයි පැවසු හිටපු ලේකම්වරයා හොර දේශපාලන මණ්ඩලයක්  ඔහු පක්ෂයේ සභාපති ධුරයට පත් කර ගෙනඇතැයි ද කීය.

මේ ඉතාම කූට ලෙස සැකසූ උපක්‍රමයක් බව පැවසූ ජයසේකර මහතා මෙම කුමන්ත්‍රණයේ අවසාන ප්‍රතිඵලය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මරා දැමීම යැයිද අවධාරණය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *