යුධ හමුදාපති

යුද හමුදාපති තනතුර ශවේන්ද්‍ර සිල්වාට

නව යුද හමුදාපති ලෙස ‍ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පත් කිරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර ඇත. ඒ අනුව අදාළ පත්වීම අද(19) ජනපති කාර්යාලයේදී සිදුවිය.

ශවේන්ද්‍ර සිල්වා මහතා මීළඟට මෙම තනතුර සඳහා වඩාත් සුදුසු බවට යෝජනා කරමින් ආරක්ෂක ලේකම්වරයා වෙත හිටපු යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් ලිපියක්ද යොමු කර තිබූ බව අද උදෑසන වාර්තා විය. මහේෂ් සේනානායක මහතාගේ සේවා කාලය ඊයේ(18) දිනයෙන් අවසන් විය.
මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයේ කීර්තීමත් ආදි ශිෂ්‍යයකු වන ශවෙන්ද්‍ර සිල්වා මහතා 1984 මාර්තු මස 5 වන දින යුද්ධ හමුදා සේවය සඳහා ඇතුළත් වී ඇත.

උපදේශකයෙකු වශයෙන්, මාණ්ඩලික නිලධාරීවරයෙකු වශයෙන් මෙන්ම රණකාමීත්වයෙන් යුතු රණවිරුවකු වශයෙන් මෙරටට ඉමහත් සේවයක් කර ඇති ශවේන්ද්‍ර සිල්වා මහතා 2010 වසරේ සිට 2015 දක්වා නිව්යෝක්හී එක්සත් ජාතින්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජ්‍ය ස්ථිර නියෝජිත තනතුර හා තනාපති තනතුර හොබවනු ලැබීය.

ඒ මහතා යුද හමුදාපති නොකරන්නැයි ඇමරිකාවෙන් බලපෑම් ඇතිව තිබූ බවටද මාධ්‍ය වාර්තා පළවිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *