වෛද්‍ය ෂාෆිගේ නඩුව අද යළි කැඳවයි

වෛද්‍ය මොහොමඩ් ෂාෆිට එරෙහි නඩුව අද (16) කුරුණැගල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ යළි කැඳවනු ලැබුවා. අයථා ලෙස මුදල් ඉපැයීම, ත්‍රස්තවාදයට ආධාර අනුබල දීම සහ වඳ සැත්කම් සිදුකිරීම යන චෝදනා යටතේ වෛද්‍ය මොහොමඩ් ෂාෆිට එරෙහිව කුරුණෑගල මහේස්ත්‍රාත් සම්පත් හේවාවසම් මහතා හමුවේ නඩුව අද යළි විභාගයට ගත්තේය. වෛද්‍ය මොහොමඩ් ෂාෆි අද පෙරවරු 9:00 ට පමණ කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණය වෙත පැමිණි අතර, පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ඇතුලු පිරිසක්ද අධිකරණය වෙත පැමිණියේය.

නඩුව කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කළේය. ඔවුන් අධිකරණයට දන්වා සිටියේ කුරුණෑගල මූලික රෝහලේ වෛද්‍යවරුන් හෙදියන් ඇතුළු 76 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවත්, දඹුල්ල සහ ගලේවල රෝහල්වල සේවය කරන කාලයේ ෂාෆී වෛද්‍යවරයාගේ ක්‍රියාකලාපය පිළිබඳවත් විමර්ශනයක් ආරම්භ කර ඇති බවත්ය. මෙම විමර්ශන ඉදිරියට ගෙන ගොස් යළි කරුණු වාර්තා කිරීමට මාස 02ක කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කුරුණැගල මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලා සිටියේය. ඒ අනුව කුරුණැගල මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ නඩුව යළි මාර්තු 14 කැඳවන ලෙසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *