චීනයෙන් “අභිරහස් වෛරසයක්” පැතිරයාමේ දැඩි අවධානමක්

මෙතෙක් විද්‍යාඥයන්ට හසු නොවූ නව වෛරසයක් චීනයේ වූඛාන් (Wuhan) නගරයෙන් වාර්තා විය.

පෙනහළු රෝග ඇති කරවන එම වෛරසය පුද්ගලයන් 50 කට අධික පිරිසකට මේ වන විට ආසාදනය වී ඇති අතර ඉන් 7 දෙනෙක් අසාධ්‍ය තත්වයේ පසුවේ. මෙතෙක් හඳුනාගෙන නොමැති එම වෛරසය, අසාදනය වූ රෝගීන්ට නියුමෝනියා තත්ත්වය ඇති කරවන්න බව නීරීක්ශනය වී ඇති අතර මේ පිළිඹද අවධානය ලොව පුරා සිටින සෞඛ්‍ය බලධාරීන්ගේ දැඩි අවධානයට ලක් වී ඇත.

ආසාදිත පුද්ගලයන්ගෙන් ලබා ගත් මෙම වෛරසයේ නියැඳි විද්‍යාගාර පරීක්ෂණයන්ට භාජනය කර තිබේ. එම පර්යේෂණවලින් පසු චීන බලධාරීන් සහ ලෝක සෞඛ්‍ය සංවිධානය නිගමනය කර ඇත්තේ මෙය “කොරෝනා වෛරස්” ගණයට අයත් බවයි. කොරෝනා වෛරස් රාශියක් පවතින නමුත් මේ දක්වා මිනිසුන්ට ආසාදනය වී ඇත්තේ ඉන් හයක් පමණි. මෙම නව වෛරසය මිනිසුන්ට ආසාදනය වූ බවට වාර්තාගත වන හත් වැනි කොරෝනා වෛරසය වේ.

කොරෝනා වෛරස් පවුලට අයත් සාර්ස් (Sars) නමින් හැඳින්වුණු වෛරසයක් 2002 වර්ෂයේදී ලොව පුරා පැතිරයාම චීනයෙන් ආරම්භ විය. ඉන් පුද්ගලයින් 8098 දෙනෙකු ගොදුරු වූ අතර ඉන් 774 දෙනෙක් මිය ගියහ.

එඩින්බරා විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මාර්ක් වූල්හවුස් පවසන්නේ “අලුත් කොරෝනා වෛරසයක් සොයා ගත්තොත් අපට දැන ගන්න ඕන ඉන් ඇතිවන රෝග ලක්ෂණ කෙතරම් බරපතල විය හැකිද කියන එක. මේ අලුත් වෛරසයෙන් සාමාන්‍ය උණ හෙම්බිරිස්සාවකට වඩා වැඩි රෝග ලක්ෂණ ඇති කෙරෙනවා. ඒ නිසා මෙය බරපතල තත්ත්වයක්. නමුත් එය සාර්ස් වසංගතය තරම් ම භයානක නැහැ.” යන අදහසයි.

වෛරස් බොහෝ විට වෙනත් ජීවියෙකු තුළ සිට මිනිස් සිරුරට පැමිණෙති. නොටිංහැම් විශ්වවිද්‍යාලයේ, වෛරස් අධ්‍යයන විද්‍යාව පිළිබඳ මහාචාර්ය ජොනතන් බෝල් මහතාගේ අදහස වන්නේ කොරෝනා වෛරසය සතුන් මගින් මිනිසාට බොවන බවයි.

“අතීතයේ පැතිරී ගිය වසංගත ගැන සිතා බැලුවොත්, එය ඇති වුනේ අලුත් කොරෝනා වෛරසයකින් නම්, එය ඇවිත් තියෙන්නේ සතුන්ගෙන්.” හෙතෙම වැඩිදුර පවසයි.

මේ අලුත් වෛරසය පැමිණියේ කුමන සත්ත්වයාගෙන් ද යන්න තහවුරු කර ගැනීමට හැකි වුවහොත් ඊට ප්‍රතිකාර සොයා ගැනීම ඉතා පහසු වනු ඇත. උදාහරණයක් ලෙස කලින් කී සාර්ස් (Sars) වෛරසය මිනිස් සිරුරට පතිත වූයේ උරුලෑවකුගෙනි. 2012 දී ආරම්භ වූ මර්ස් (Mers) වෛරසය වරින්වර මිනිසාට ආසාදනය වන්නේ ඔටුවන්ගෙනි.

මේ අලුත් වෛරසය ආසාධනය වූ රෝගීන් වාර්තා වුණේ චීනයේ වූඛාන් (Wuhan) නගරයේ ඇති කරදිය මත්ස්‍ය වෙළෙඳපොළක් ආසන්නවයි. ඒ වගේම මෙම වෙළෙඳපොළේ කුකුලන්, වවුලන්, හාවන්, සහ සර්පයන් වැනි වන සතුන් ද සිටිනවා. එවැනි වන සතුන් තුළ මෙම වර්ගයේ වෛරස් පැවතීමට ඇති හැකියා වැඩි බවයි පැවසෙන්නේ. .

මේ තියෙන්නේ එම කරදිය මත්ස්‍ය වෙළෙදපොළයි

මහාචාර්ය වූල්හවුස් ප්‍රකාශ කරන්නේ චීනයේ විශාලත්වය, ජන ඝනත්වය සහ සතුන් සමඟ පවතින සමීප ඇසුර හේතුවෙන් වෛරස ශරීරගත වීම බහුල වන බවය.

මෙම වෛරසයේ ව්‍යාප්තිය ගැන කතා කළොත් එක් කරුණක් පිළිඹද සතුටු විය හැකියි. එනම් එක් මිනිසෙකුගෙන් තවත් මිනිසෙකුට බෝ වන තත්වයක් පෙනෙන්නට නොතිබීමයි. එනමුත් එය තවමත් 100%ක් ම තහවුරු කරගෙන නොමැති වීම අවදානමක් ගතයුතු තත්වයක්.

UPDATE

මෙම වෛරසය ආසාදන වූ රෝගීයෙකු ජපානයෙන් වාර්තාවී ඇත.

1 Comment

  1. මේ වන විට තායිලන්තයෙන් ද මෙම රෝගය ආසාදිත පුද්ගලයෙකු හමුවී තිබෙනවා. එම නිසා මෙය මිනිසුන් ගෙන් මිනිසුන්ට බෝවීමේ අවධානමක් නැතිබව පැවසීම නුවණට හුරු නැහැ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *