වෙළෙඳපොළේ අලෙවි වන ගෑස් සිලින්ඩරවල තාප ධාරිතාව පිළිබඳව පරීක්ෂණයක්

වර්තමානයේ වෙළෙඳපොළේ අලෙවිය සඳහා තබා ඇති ඇතැම් ගෑස් සිලින්ඩරවල නියමිත තාප ධාරිතාව නොමැති බවට මේ වනවිට පැමිණිලි ලැබී ඇති බව එම අධිකාරිය සඳහන් කළේය.

මේ වනවිටත් පාරිභෝගික සේවා අධිකාරිය මගින් ගෑස් සාම්පල ලබාගෙන පරීක්ෂා කිරීම් කටයුතු ආරම්භ කර තිබේ.

වෙළෙඳපොළේ අලෙවි වන ගෑස්වල බියුටේන් සියයට 70ක් සහ ප්‍රොපේන් සියයට 30ක ප්‍රමාණයක් අඩංගු විය යුතු බව එම අධිකාරිය පෙන්වා දෙයි.

කෙසේවෙතත් ගෑස් සමාගම් ප්‍රකාශ කර ඇත්තේ බියුටේන් සහ ප්‍රොපේන් සියයට 50 බැගින් වර්තමානයේ වෙළෙඳපොළේ අලෙවිය සඳහා තබා ඇති ගෑස් සිලින්ඩරවල අන්තර්ගත බවය.

මේ අතර ගෑස් සිලින්ඩරවල බර සම්බන්ධයෙන් විවිධ කතාබහ මතුවූ අතර ඒ හේතුවෙන් මේ වනවිටත් වෙළෙඳපොළ තුළ සුළු ගෑස් හිඟයක් නිර්මාණය වී ඇති බවද සඳහන් වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *