විශ්‍රාම යන වයස 60 දක්වා වැඩි කිරීම පාර්ලිමේන්තුවේදී සම්මතයි

පෞද්ගලික අංශයේ සේවකයින් විශ්‍රාම යාමේ අවම වයස් සීමාව 60 දක්වා වැඩි කිරීමට අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සම්මත වී තිබේ.

පැවති අවම වයස් සීමාව සංශෝධනය කිරීම සඳහා පනත් කෙටුම්පත සකස් කිරීමට 2021.03.23 වනදා කැබිනට් මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය ලබාදී ඇත.

ඒ අනුව වයස අවුරුදු 52 එළඹ නොමැති සේවකයින්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 60 දක්වා දීර්ඝ කිරීමටත් පනත ක්‍රියාත්මක වන දිනයේ දී වයස අවුරුදු 52 හෝ ඊට වැඩි සේවකයින් ඔවුන්ගේ වයස අනුව කාණ්ඩ තුනක් යටතේ උපරිම වශයෙන් වයස අවුරුදු 59 දක්වා සේවයේ යෙදවීමට හැකි පරිදි විධිවිධාන ඇතුළත් නීති කෙටුම්පත මෙලෙස පාර්ලිමේන්තුවේදී සම්මත වී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *