විරෝධතා වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන්ට පොලිසිය පහර දෙයි.

ශ්‍රී ලංකාවේ පෞද්ගලික රූපවාහිනි නාලිකාවකට අනුයුක්තව සේවය කරන මාධ්‍යවේදීන්ට රට තුළ පවතින විරෝධතා වාර්තා කිරීමට යාමේදී පොලිස් ප්‍රහාරයක් එල්ල වී තිබේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ කොළඹ 07 පිහිටි පෞද්ගලික නිවස අසලදී පොලිසිය මාධ්‍යවේදීන්ට ප්‍රහාරයක් එල්ල කර තිබේ.

පොලිස් විශේෂ කාර්ය බළකායේ (STF) නිලධාරීන් විශාල පිරිසක් මාධ්‍යවේදීන් වටකර බැටන් පොලුවලින් පහර දුන්නේ ඔවුන් මාධ්‍යවේදීන් බව දැන දැනත් පහර නොදෙන ලෙස ඉල්ලා සිටිමිනි.

වාර්තා වන අන්දමට සිද්ධියේදී මාධ්‍යවේදීන් 4 දෙනෙකුට පහර දී රෝහල් ගත කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *