විනිසුරුවරුන්ගෙන් පුද්ගලික ආදායම් බදු එකතු කිරීම වළක්වන අතුරු නියෝගය දීර්ඝ කිරීම අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කරයි

මහාධිකරණ විනිසුරුවරුන්, මහේස්ත්‍රාත්වරුන්, දිස්ත්‍රික් විනිසුරුවරුන් සහ කම්කරු විනිශ්චය සභා සභාපතිවරුන්ගේ මාසික වැටුපෙන් අත්තිකාරම් පුද්ගලික ආදායම් බද්ද (APIT) කපා හැරීම අධිකරණ අමාත්‍යාංශයේ නිලධාරීන්ට වළක්වාලමින් ලබාදුන් අතුරු නියෝගය තවදුරටත් දීර්ඝ කිරීම අභියාචනාධිකරණය අද ප්‍රතික්ෂේප කළේය.

කෙසේ වෙතත්, මහාධිකරණ විනිසුරුවරුන්ගේ සංගමය, අධිකරණ සේවා සංගමය සහ කම්කරු විනිශ්චය සභාවල සභාපතිවරුන් ගොනු කළ පෙත්සම් තුනක වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කිරීමට අභියාචනාධිකරණය තීරණය කළේය.

පෙත්සම් සැප්තැම්බර් 22 වැනි දිනට කැඳවීමට නියම කෙරිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *