විනාශ වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ගේ නිවාස යළි ඉදිකර දෙන බවට වැඩබලන ජනපති පොරොන්දු වෙයි.

මැයි 9 වැනිදා ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් දේපළ අහිමි වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සියලුම මන්ත්‍රීවරුන්ගේ නිවාස යළි ඉදිකර දීමට වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇතැයි ලංකාදීපයට වාර්තා වේ.

රනිල් වික්‍රමසිංහ මන්ත්‍රීවරුන් පෞද්ගලිකව දුරකථනයෙන් වරින් වර අමතා මේ බව දන්වා ඇති බවද වාර්තා වේ.

නිවාස විනාශ කළ පුද්ගලයන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවත් තම පාලනය යටතේ රට තුළ ප්‍රචණ්ඩත්වයට ඉඩක් නොමැති බවත් වැඩබලන ජනාධිපතිවරයා මන්ත්‍රීවරුන්ට වැඩිදුරටත් දන්වා තිබේ.

එම වාර්තාවට අනුව විනාශ වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ දේපළ සම්බන්ධයෙන් වාර්තාවක් ලබාදෙන ලෙස රනිල් වික්‍රමසිංහ මහතා අදාළ නිලධාරීන්ට දැනටමත් දැනුම් දී ඇත.

පසුගිය මැයි 09 වැනිදා දිවයින පුරා ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් මැති ඇමැතිවරුන්, ප්‍රාදේශීය සභා නියෝජිතයන් ඇතුළු දේශපාලනඥයින් අසූවකට ආසන්න පිරිසකගේ නිවාස හා දේපළ විනාශ විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *