විදේශ සමාගම් 24ක් ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් ව්‍යාපාරයේ නිරත වීමට කැමැත්තක් දක්වන බව විෂය භාර අමාත්‍යවරයා පවසයි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය, සෞදි අරාබිය, ඇමරිකා එක්සත් ජනපදය, චීනය, ඉන්දියාව, රුසියාව, එක්සත් රාජධානිය, මැලේසියාව, නෝර්වේ සහ පිලිපීනය යන රටවල සමාගම් 24ක් ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් ව්‍යාපාරයේ නිරත වීමට කැමැත්ත පළ කර ඇති බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.

විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය විසින් පත් කරන ලද කමිටුවක් මඟින් යෝජනා ඇගයීම, යෝජනා සඳහා ඉල්ලීම් (RFP) නිකුත් කර සති 6ක් ඇතුළත ක්‍රියාවලිය අවසන් කරන බව ඔහු වැඩිදුරටත් පැවසීය.

මේ අතර සිල්ලර මෙහෙයුම් සඳහා ඉන්ධන පිරවුම්හල් 500 ත් 700 ත් අතර ප්‍රමාණයක් විදේශීය සමාගම් වෙත පැවරීමට ශ්‍රී ලංකාව සලකා බලමින් සිටින බව ද සන්ඩේ ටයිම්ස් වාර්තා කරයි.

යෝජිත ආකෘතිය යටතේ, තෝරාගත් සමාගම්වලට ඉන්ධන ආනයනය කර සැපයීමට සිදුවනු ඇති අතර, ප්‍රවාහන හා ගබඩා පහසුකම් CPC විසින් සපයනු ලබන අතර, ඒ සඳහා එම සමාගම්වලින් රජයට සේවා ගාස්තුවක් ලැබෙනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *