විදේශ විනිමය ගැටළුවක් හේතුවෙන් දැඩි ගෑස් හිඟයක්

ඩොලර් අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකු ණයවර ලිපි නිකුත් නොකිරීම හේතුවෙන් ගෑස් ටැංකි තුනක් ශ්‍රී ලංකා මුහුදු සීමාවෙන් ඔබ්බට නැංගුරම් ලා ඇති බැවින් මේ වන විට රට උග්‍ර ගෑස් හිඟයකට මුහුණ දී සිටී.

තතු දත් ආරංචි මාර්ග සඳහන් කළේ පසුගිය සිකුරාදා සිට ලිට්‍රෝ ගෑස් බෙදා හැරීම සම්පූර්ණයෙන්ම නතර වී ඇති බවයි. දිවයිනේ බොහෝ ප්‍රදේශවල ජනතාව තම ප්‍රදේශයේ ගෑස් හිඟය සම්බන්ධයෙන් මැසිවිලි නගන බව අප වාර්තාකරුවන් තහවුරු කළා.

හිඟය හේතුවෙන් ආදාහනාගාර, කර්මාන්තශාලා සහ මහා පරිමාණ හෝටල්, බේකරිවල ක්‍රියාකාරිත්වයට දැඩි බලපෑම් එල්ල වී තිබේ. සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ ප්‍රකාශකයෙකු පැවසුවේ “ගෑස් හිඟය හේතුවෙන් බේකරි 1000ක් පමණ දැනටමත් සිය කටයුතු තාවකාලිකව නවතා දමා ඇති බවයි.

ලිට්‍රෝ ගෑස් සමාගමේ නිලධාරීන් සම්බන්ධ කර ගැනීමට ගත් උත්සාහයන් කිහිපයක් අසාර්ථක වී ඇත.

මේ අතර, ශ්‍රී ලංකාවේ වාණිජ බැංකු විසින් ණයවර ලිපි නිකුත් නොකිරීම හේතුවෙන් ගෑස් ටැංකි තුනක් පසුගිය දින හයක කාලය තුළ ශ්‍රී ලංකා මුහුදු සීමාවේ නැංගුරම් ලා ඇති බව තතුදත් ආරංචි මාර්ග අනාවරණය කළේය.

මේ අතර ගෑස් හිඟය සම්බන්ධයෙන් පසුගිය දින කිහිපය තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයක මහජන විරෝධතා කිහිපයක් පැවැත්වුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *