විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමට අවශ්‍ය අයට වැදගත් දැනුම්දීමක්.

මාධ්ය නිකුතුව

ආගමන හා විගමන දෙපාර්තමේන්තුව

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ හදිසි අලුත්වැඩියාවක් හේතුවෙන් අත්හිටුවන ලද සාමාන්‍ය සේවය (එක්දින සේවාව හැර) යටතේ පමණක් මැයි මස 09 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු නැවත ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත.

මැයි මස 05, 06 සහ 09 යන දිනයන්හිදී සාමාන්‍ය සේවය යටතේ ගමන් බලපත්‍රය ලබා ගැනීම සඳහා වේලාවක් වෙන්කරගෙන පැමිණෙන දෙපාර්තමේන්තුවෙන් අංකයක් හෝ මුද්‍රාවක් ලබාගත් අයදුම්කරුවන්ගේ අයදුම්පත් පමණක් මැයි 09 සඳුදා භාර ගැනීමට කටයුතු කරනු ලැබේ. සාමාන්‍ය සේවය යටතේ ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා අයදුම්පත් මැයි 05 දින භාර දෙන්න.

තවද, මැයි මස 10 වැනි අඟහරුවාදා සිට ක්‍රියාත්මක වන පරිදි විදේශ ගමන් බලපත්‍ර සඳහා අයදුම්පත් භාරදීම සඳහා වේලාවක් වෙන්කර ගැනීම අත්‍යවශ්‍ය වේ.

http://www.immigration.gov.lk/ වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ සම්බන්ධතා අංක 0707101060 හරහා හමුවීමක් සිදු කළ හැකිය.

දැනට එක්දින සේවාව යටතේ විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සඳහා පරිගණක පද්ධතියේ අලුත්වැඩියා කටයුතු සඳහා දෙපාර්තමේන්තුවේ තාක්ෂණික කාර්ය මණ්ඩලය කඩිනමින් සහභාගී වන අතර එක්දින සේවය සඳහා අයදුම්පත් කඩිනමින් භාර ගැනීමට කටයුතු කරනු ලැබේ. එමගින් මහජනතාවට සිදුවන යම් අපහසුතාවයක් පිළිබඳව බලවත් කණගාටුව පළ කරන අතර දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලය මගින් සපයනු ලබන අනෙකුත් සේවාවන්, ප්‍රාදේශීය කාර්යාල මගින් සපයනු ලබන සේවාවන් සහ ගුවන් තොටුපළවල ආගමන විගමන සේවා සාමාන්‍ය පරිදි සිදුවන බව කාරුණිකව දන්වා සිටිමි.

පාලක ජනරාල්

ආගමන හා විගමන දෙපාර්තමේන්තුව

Leave a Reply

Your email address will not be published. Required fields are marked *