විදෙස් සංචිතය පහළට

මහ බැංකුවේ නිල විදෙස් සංචිතය 2025 ඔක්තෝබර් මාසයේ අවසානයට සාපේක්ෂව 2025 නොවැම්බර් මාසයේදී සැලකිය යුතු ප්‍රමාණයකින් පහළ ගොස් තිබේ. ඔක්තෝබර් මාසය අවසන් වන විට නිල සංචිතය ඇමෙරිකානු ඩොලර් බිලියන 6.2ක් වූ අතර එය මාස 3.6ක ආනයන ආවරණයට ප්‍රමාණවත් විය.

නොවැම්බර් මාසය අවසන් වන විට නිල සංචිතය ඇමෙරිකානු ඩොලර් බිලියන 6ක් වූ අතර එය මාස 3.4ක ආනයන ආවරණයට ප්‍රමාණවත් වෙයි. මහ බැංකුවේ නිල සංචිතය තුළ චීන මහජන බැංකුවේ විනිමය හුවමාරු පහසුකමක්ද පවතී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *