විදෙස් සංචාරකයින්ට PCR කිරීමට මධ්‍යස්ථානයක්

විදෙස් සංචාරකයින් සඳහා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ PCR පරීක්ෂණ සිදුකිරීමේ මධ්‍යස්ථානයක් ස්ථාපිත කර තිබේ.

සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද එම මධ්‍යස්ථානය නිරීක්ෂණය කළේය.

කටුනායක ගුවන්තොටුපොළ ඔස්සේ මෙරටට පැමිණෙන විදේශීය සංචාරකයන්ට පැය 03ක කාලයක් තුළ එම පරීක්ෂණවල ප්‍රතිඵල වාර්තා නිකුත් කිරීමට මෙම මධ්‍යස්ථානය හරහා හැකියාව පවතී.

මෙම මධ්‍යස්ථානය තුළින් පැයකට PCR පරීක්ෂණ 500ක් පමණ සිදුකළ හැකිය.

ඒ අනුව දිනකට PCR පරීක්ෂණ 7,000ක් සිදුකිරීමේ ධාරිතාවයක් එම මධ්‍යස්ථානය සතුය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *