ශ්‍රීලනිප ය තනිවම ඡන්ද සටනට

මීළඟට පැවැත්වෙන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස තනිව තරඟ කිරීම සඳහා අනුරාධපුර දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජිතයින් යෝජනා සම්මත කරගනු ලැබීය.

ඒ පක්ෂ ජාතික සංවිධායක රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 14 වෙනිදා පැවති අනුරාධපුර දිස්ත්‍රික් බල මණ්ඩල රැස්වීමේදීය.

එහිදී ඉදිරි මැතිවරණවලදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තනිව තරඟ කළ යුතු බවට වන යෝජනාවක් එම පක්ෂයේ අනුරාධපුර දිස්ත්‍රික් ලේකම්වරයා විසින් ඉදිරිපත් කරනු ලැබීය.

මෙහිදී අදහස් දැක්වු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණේ, ලේකම්, සමන් කුමාර මහතා,

“අද අපි කවුරුත් සියඹලා ගෙනැල්ලා නැති විදිහටයි ගම තුළත් ප්‍රාදේශීය සභාව තුළත් වැඩකරන ආයතනය තුළත් මේ සමාජය තුළත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හම්බෙලා තියෙන තැන. ඒ හින්දා මම ගෞරවයෙන් යුතුව යෝජනා කරනවා එන මැතිවරණයේ දී ජය පැරදුම කොතැන තිබුණත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් විදිහට තනිව තරඟ කරමු කියන යෝජනාව මම මේ අවස්ථාවේදී ඉදිරිපත් කරනවා.”

“සභාවේ සියලුදෙනාගේම කැමැත්ත ඒ සඳහා. ඒකමතිකවයි ගරු අමාත්‍යතුමනි… සියලුදෙනාම ඒකමතිකව අනුමත කරනවා ඒක.”

එම අවස්ථාවේ දී වැඩිදුරටත් අදහස් දැක්වු රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා,

“හැමෝගෙම ආර්ථිකය ශක්තිමත් වෙන යුගයක් උදාවෙයි කියන බලාපොරොත්තුව ඇතුව තමයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට උදව් කරේ. අද අපිට ගොවියෝ විදියට, දේශපාලඥයෝ විදියට නෙමෙයි අපේ තියෙන කුඹුරත් කොහොම ද කරගන්නේ කියන එක හිතන්න වෙලා තියෙනවා. මේ ගත්ත තීරණය එක්ක අපේ ගොවි ජනතාව කිසිම කෙනෙක් සතුටට පත්වෙලා නෑ. අපිට ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි සමහර වෙලාවට මේ තීන්දු ගත්ත අයට, තීන්දු කරපු අයට ඒ ගැන හැඟීමක් නැතුව ඇති. සමහර වෙලාවට අපිට නිහඬව ඉන්න වෙයි. සමහර වෙලාවට අපිට අඩියක් ආපස්සට ගන්න වෙයි. හැබැයි නිසි වෙලාව ආපුවහම අපිට වේගයෙන් දුවගෙන ගිහින් ඒ ජය කණුව කරා යන්න පුළුවන්කම තියෙනවා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *