කෝටි 18ක කොකේන් සමග ගුවන්තොටේදී අයෙක් දැලේ

රුපියල් කෝටි 18ක කොකේන් තොගයක් සමග සැකකරුවෙකු කටුනායක ගුවන්තොටුපොළේදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 59 හැවිරිදි ටියුනීසියානු ජාතිකයෙකුය.

සැකකරු කොකේන් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 04යි ග්‍රෑම් 527ක් නීතිවිරෝධී ලෙස තම ගමන් බෑගය තුළ සඟවාගෙන පැමිණ සිටියදී මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත.

ජාත්‍යන්තර මූල්‍ය ආයතනයක ප්‍රධානියෙකු ලෙස පෙනී සිටිමින් ඔහු මෙරටට පැමිණ ඇති බව වාර්තාවිය.

ඒ සඳහා සැකකරු විසින් ව්‍යාජ ලියකිවිලි රැසක් ද රේගුව වෙත ඉදිරිපත් කර ඇත.

සැකකරු ටියුනීසියාවේ සිට බ්‍රසීලය වෙත පැමිණ, එතැන් සිට කටාර් රාජ්‍යයේ දෝහා වෙත පැමිණ අනතුරුව කටුනායක වෙත පැමිණ තිබේ.

ගුවන් මගියෙකු විසින් මෙරටට ගෙන ආ වැඩිම කොකේන් ප්‍රමාණය මෙය බවද සඳහන්ය.

මේ වනවිට මෙම පුද්ගලයා සහ ඔහු විසින් රැගෙන ආ කොකේන් මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍යනාශක අංශය වෙත ලබාදීමට පියවර ගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *