විදෙස් රටවලට අවශ්‍ය පරිදි ශ්‍රී ලංකාව කටයුතු නොකළ යුතුයි – වජිර අබේවර්ධන

විදෙස් රටවලට අවශ්‍ය පරිදි ශ්‍රී ලංකාව ක්‍රියාකළ යුතු නැතත් පිළිගත් මානව හිමිකම් ආරක්‍ෂා කිරීමට රජය කටයුතු කළ යුතු බව එක්සත් ජාතික පක්‍ෂයේ සභාපති හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසා සිටියි. වැඩිදුරටත් අදහස් දක්වමන් ඒ මහතා මෙසේද පවසා සිටියේය.

අපි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකත්වය ලබාගන්නකොට මුලින්ම එකගවෙන කරුණු තියෙනවා. මොනවද අපි එකග වෙලා තියෙන්නේ. මිනිස්සුන්ගේ අයිතිවාසිකම් ලෝක අයිතිවාසිකම් අනුව ක්‍රියාකරනවා. එම අයිතිවාසිකම් උල්ලංඝණය වෙන සමාජයක් බිහි වෙනවානම් ජාත්‍යන්තරය ඊට එරෙහිව නැගී සිටිනවා. උදාහරණයක් විදියට තමන්ගේ ගෙදර සාමය ඇති කරගන්න බැරි නම් අල්ලපු ගෙදර අය එනවා සාමය ඇති කරන්න. අල්ලපු ගෙදර අයටත් බැරි වුණොත් සාමය ඇති කරන්න පොලිසිය එනවා. පොලිසියටත් බැරි වුණොත් ත්‍රිවිධ හමුදාව එනවා. ඉතිං ඒ නිසා මේක අවබෝධ කරගෙන රජය ක්‍රියා කළ යුතු වෙනවා. ඒ නිසා ඉතාම කණගාටුදායක තත්වයක් තියෙන්නේ, ඉන්දියාව වගේ රටවල් එක්ක කටයුතු කරද්දී ඉතාම කල්පනාවෙන් කටයුතු කළ යුතුයි. මොනවත් ගන්න ඕනිත් නෑ. මොනවත් ගන්න ඕනිත් නෑ. එක්සත් ජාතික පක්ෂය වැඩ කරලා තියෙන්නේ මොනවත් දීලත් නෙවෙයි, මොනවත් අරගෙනත් නෙවෙයි.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *