විදෙස්ගත ශ්‍රී ලාංකිකයෙක් දරු දෙදෙනා ඝාතනය කර සියදිවි නසාගනී

ඔස්ට්‍රේලියාවේ වාසය කළ 40 හැවිරිදි ශ්‍රී ලාංකිකයෙක් තම දරුවන් දෙදෙනා ඝාතනය කර සියදිවි නසාගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

දරුවන්ගේ මව කළ පැමිණිල්ලක් මත පොලීසිය විසින් නිවසේ තිබී ඔවුන්ගේ සිරුරු සොයාගෙන ඇත්තේ ඊයේ පස්වරුවේය.

මෙම සිද්ධිය ඇතිවී තිබෙන්නේ, ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවර හංටින්ඩේල්හිදීය.

දරුවන් දෙදෙනා ඊයේ තම මව මුණගැසීමේ සූදානමින් සිට තිබුණි.

ඒ අනුව සඳහන් කළ වේලාවට ඔවුන් එහි නොපැමිණීම හේතුවෙන් දරුවන්ගේ මව, පොලීසිය වෙත පැමිණිල්ලක් කර තිබේ.

එහිදී විමර්ශන ආරම්භ කළ පොලීසියට දරුවන්ගේ මළසිරුරු නිවසේ තිබීයදී හමුවී ඇත.

ඔවුන් ඝාතනය කළ බවට සැකකෙරෙන ශ්‍රී ලාංකික පියාගේ මෘතදේහය ද ගරාජයේ තිබී සොයාගෙන තිබුණි.

තම සිව් හැවිරිදි දියණිය හා 6 හැවිරිදි පුතු ඝාතනය කර සියදිවි නසාගත් සැකකරු ඉන්දික ගුණතිලක නමැති 40 හැවිරිදි  පුද්ගලයෙකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *