Thursday, 12 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

විදුලි බුබුළු 50%ක් නිවා දමන ලෙස පරිසර අමාත්‍යංශය උපදෙස් දෙයි…

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

පරිසර අමාත්‍යාංශය හා ඊට අනුබද්ධ ආයතන සියල්ලේම දිවාකාලයේදී විදුලි බුබුළු භාවිතය 50% කින් අවම කරන ලෙස පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා උපදෙස් දී තිබේ.

රට තුළ පවතින විදුලි අර්බුදයට මුහුණදීම සඳහා මෙම ක්‍රියාමාර්ග ගත් බව අමාත්‍යවරයා පැවසීය.

විදුලි අර්බුදයක් ඇති නිසා විදුලිය අපතේ යාම වළක්වා ගැනීම සඳහා සෑම රාජ්‍ය ආයතනයක් මෙන්ම පෞද්ගලික ආයතන විසින් ද විදුලිබලය අරපිරිමැස්මෙන් යුතුව පාවිච්චි කළ යුතු බවද ඔහු සදහන් කලේය.

ඔබේ අදහස