විදුලි ඉංජිනේරුවෝ 226 ක් රට හැර ගිහින්

ලංකා විදුලිබල මණ්‌ඩලයේ ඉංජිනේරුවන් 226 දෙනෙකු පසුගිය වසර තුනක කාලයේදී   රට හැරගොස් ඇති බව එහි මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න මහතා පැවසීය.

ඕස්ට්‍රේලියාව, නවසීලන්තය සහ අයර්ලන්තය ඇතුළු රටවල්වල රැකියා අවස්ථා සඳහා ඔවුන් මෙලෙස පිටව ගොස් ඇති බව මණ්ඩලය පවසයි.

මෙලෙස රට හැරගොස් ඇති සංඛ්‍යාව ලංකා විදුලිබල මණ්‌ඩලයේ  සම්පූර්ණ ඉංජිනේරුවන්ගෙන් සියයට 20කි.

ඔවුන්ගෙන් සියයට 85ක් විදුලි ඉංජිනේරුවන් වන අතර  සියයට 8ක් යාන්ත්‍රික ඉංජිනේරුවෝ වෙති.

සියයට 7ක් සිවිල් ඉංජිනේරුවන් බව වාර්තාවල දැක්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *