විදුලිය සඳහා ඉන්ධන ඉල්ලීමට LIOC ප්‍රතිචාරය

ලංකා ඛණිජ තෙල් සංස්ථාව (CPC) බොරතෙල් මිලදී ගැනීමේදී මුහුණ දෙන තත්ත්වයට සමාන තත්ත්වයකට මුහුණ දී සිටින බව ලංකා ඉන්දියන් ඔයිල් සමාගම (LIOC) නිවේදනය කරයි.

දැනට බොරතෙල් මිලදී ගැනීම සඳහා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ඇති ඩොලරයේ ගැටලුවටම තමන් මුහුණ දෙන බව LIOC පවසයි.

සමාගම පැවසුවේ මෙය අවශ්‍ය බොරතෙල් මිලදී ගැනීම සඳහා ණයවර ලිපි (LC) විවෘත කිරීමට ඇති බාධාවල ප්‍රතිඵලයක් බවයි.

එබැවින්, දැන් සමාගමේ ප්‍රමුඛතාවය ශ්‍රී ලංකාවේ LIOC මඩුවලට ඉන්ධන සැපයීම බව LIOC වැඩිදුරටත් පැවසීය.

ඉන්ධන අර්බුදයට පිළියම් යෙදීම සඳහා ඉදිරියේදී LIOC ආයතනයේ සහය ලබාගැනීමට ඛනිජතෙල් සංස්ථාව බලාපොරොත්තු වන බව විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා ඊයේ ප්‍රකාශ කළේය.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ඉන්ධන සැපයීමට නොහැකි වීමත් සමඟ LIOC සමාගමෙන් තෙල් ලබා දෙන ලෙස ඉල්ලා සිටින බවද ඔහු සඳහන් කළේය.

අමාත්‍යවරයාට ප්‍රතිචාර දක්වමින් ලංකා ඉන්දියන් ඔයිල් සමාගම ශ්‍රී ලංකාවේ LIOC මඩුවලට ඉන්ධන සැපයීමට ප්‍රමුඛත්වය දෙන බව අනාවරණය කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *