විජේදාස

විජේදාස 20 මගහරී

අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (20) පෙරවරුවේ පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැතිඇමැතිවරුන්ට පමණක් සීමා වූ කණ්ඩායම් රැස්වීමට ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා සහභාගී වී නොමැති බව වාර්තා වනවා.

අගමැතිවරයා 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් කෙටි පැහැදිලි කිරීමක් එහිදී කර ඇති බව සඳහන් වන අතර  අනෙකුත් සියලුම පොහ‌ොට්ටු මැතිඇමැතිවරුන් ඊට සහභාගී වී ඇති බව වාර්ථා වේ.

සියලුම මන්ත්‍රීවරුන් සාමූහික වගකීම ආරක්ෂා කරගෙන කටයුතු කළ යුතු බවද එහිදී අගමැතිවරයා මන්ත්‍රීවරුන්ට අවධාරණය කර ඇති බව වාර්තා වනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *