වික්ටෝරියා ජලාශය අසල ඩ්‍රෝන යානයක් පියාසර කළ 7 දෙනෙකු අත්අඩංගුවට…

ඩ්‍රෝන යානයකින් වික්ටෝරියා වේල්ල සහ ජලාශය ආශ්‍රිත ප්‍රදේශයේ ඡායාරූප ගත් බව කියන පුද්ගලයින් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වැලිගම සහ දෙහිවල ප්‍රදේශවල පදිංචි අවුරුදු 31 සහ 32 වයස්වල පසුවන්නන්.

පොලිසිය පැවසුවේ සෙනසුරාදා (22) පෙරවරුවේ වේල්ලේ රාජකාරියේ නිරත හමුදා නිලධාරීන් අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන තෙල්දෙණිය පොලිසියට භාරදුන් බවයි.

ඩ්‍රෝන යානා යොදාගෙන අවට ප්‍රදේශයේ ඡායාරූප හෝ වීඩියෝ ගත නොකරන ලෙසට ආරක්ෂක අංශ පිරිසට උපදෙස් ලබාදී තිබුණද අදාළ බලධාරීන්ගේ අණ නොතකා එම අණ නොතකා කටයුතු කර ඇති බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.

සැකකරුවන් සමඟ ඔවුන් ගමන් ගත් කැමරාවක්, ඩ්‍රෝන යානයක් සහ දුරස්ථ පාලකය සහ වෑන් රථය තෙල්දෙණිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් තෙල්දෙණිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *