වැලිගම මුහුදු තීරයේ දිය නෑමට ගිය දැරියන් දෙදෙනෙකු අතුරුදන්, දෙදෙනෙකු බේරා ගැනේ

වයස අවුරුදු 12 සහ 15 යන වයස්වල පසුවන ගැහැණු ළමුන් දෙදෙනෙකු අතුරුදන්ව ඇති අතර වැලිගම මුහුදු තීරයේ දියනෑමට ගිය තවත් ගැහැණු ළමුන් දෙදෙනෙකු දියේ ගිලීමෙන් අද බේරාගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පැවසුවේ අතුරුදන් වූ දැරියන් දෙදෙනා සොයා මෙහෙයුම් ක්‍රියාත්මක වන අතර තුර 21 හැවිරිදි තරුණියක් සහ 14 හැවිරිදි දැරියක් මාතර රෝහලට ඇතුළත් කර ඇති බවයි.

මියගිය අය වැලිගම ප්‍රදේශයේ අය වෙති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *