වැලිකඩ බන්ධනාගාරය හොරණට රැගෙනයාමට පියවර

බන්ධනාගාර තුළ පවතින තදබදය ද අඩු කරගැනීමට වැලිකඩ බන්ධනාගාරය හොරණ ප්‍රදේශයට රැගෙනවිත් අධි ආරක්ෂිත බන්ධනාගාරයක් බවට පත් කිරීමට සැලසුම් කර ඇති බව රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ බූස්ස බන්ධනාගාරයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමිනි.

ලංකාවේ සිටින දරුණු ඝණයේ සිරකරුවන් බූස්ස බන්ධනාගාරයෙ ගෙන ඒමට කටයුතු කරන බවත්, දැනට ඇති අධි ආරක්ෂිත සිරකුටි 32ට අමතරව තවත් සිරකුටි 32ක් ඉදිරි මාස දෙකක කාලය ඇතුළත සාදා නිම කිරීමට බලාපොරොත්තු වන බවත් අමාත්‍යවරයා එහිදී අනාවරණය කර සිටියා. එමෙන්ම වැලිකඩ බන්ධනාගාරය හොරණට ගෙන ගොස් එහි අධි ආරක්ෂිත නවීනතම බන්ධනාගාරයක් සාදා බන්ධනාගාර තදබදය අඩු කරන බවත් අමාත්‍යවරයා පවසා සිටියා.

ලොහාන් රත්වත්ත මහතා එහිදී පවසා සිටියේ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා විසින් රන්ජන් රාමනායක මහතාගේ ආරක්ෂාවට තර්ජනයක් ඇති බවට ප්‍රකාශ කිරීම හේතුවෙන් ඔහුව ආරක්ෂිත තනි කුටියක රැඳවීමටද පියවර ගෙන ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *