වැලිකඩ බන්ධනාගාරයේ විරෝධතාවක්

රැඳවියන් පිරිසකගේ විරෝධතාවක් හේතුවෙන් වැලිකඩ බන්ධනාගාරය තුළ ඇති වූ නොසන්සුන්කාරී වාතාවරණයක් පාලනය කර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

රැඳවියන් පිරිසකට පසුව තත්ත්වය පාලනය කිරීම සඳහා බන්ධනාගාර නිලධාරින් පස්වරුවේ යොදවා තිබු අතර දිගු සිර ද දඬුවම් විඳින අය වහල මත විරෝධතාවයේ යෙදී සිටි අතර කලහකාරී ලෙස හැසිරෙමින් සිටි බව වාර්ථා වේ.
ඔවුන් ඉල්ලා සිටියේ ඔවුන්ගේ ද දඬුවම් අඩු කරන ලෙස හෝ පොදු සමාව දෙන ලෙසයි.

විරෝධතාවයේ නිරත රැඳවියන් සමඟ මේ පිළිබඳව සාකච්ඡා කළ නමුත් ඔවුන් වහලයෙන් බැසීම ප්‍රතික්ෂේප කළ බව බන්ධනාගාර බලධාරීහු පැවසූහ.

ඒ අනුව තත්ත්වය පාලනය කිරීමට බලධාරීන් පියවර ගෙන තිබුණි. කළහාකාරී ලෙස හැසිරුණු රැඳවියන් කිහිප දෙනෙකු සිර මැදිරියකට යවා ඇති අතර තවත් රැඳවියන් කිහිප දෙනෙකු තවමත් බන්ධනාගාර වහලයේ සිටින බව වාර්ථා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *