වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින් 3,000කට අධික පිරිසක් පොලිස් භාරයට

පොලිස් නිලධාරීන් 14,927 දෙනෙකුගේ සහභාගීත්වයෙන් දිවයින පුරා සිදුකළ විශේෂ මෙහෙයුමකින් වරෙන්තුකරුවන් ඇතුළු වැරදිකරුවන් පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියේ, එහිදී විවිධ වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින් 3,009ක් අත්අඩංගුවට පත්වු බවය.

එම මෙහෙයුම සඳහා පොලිස් සුනඛයින් 52දෙනෙකු ද යොදා ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසිය.

එහිදී වැරදි සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් 431ක්, වරෙන්තුකරුවන් 645ක්, අපරාධ චෝදනා යටතේ සොයමින් සිටි 98ක්, මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් 1,250ක්, ගිනිඅවි ළඟ තබාගත් 5ක් හා බීමත් රියදුරන් 580ක් ලෙස එම පිරිස අත්අඩංගුවට ගෙන තිබේ.

ගිනිඅවි සම්බන්ධයෙන් අත්අඩංගුවට පිරිස අනුරාධපුර, අම්පාර, ත්‍රිකුණාමලය, ඇඹිලිපිටිය හා ගාල්ල ප්‍රදේශවලිනි.

රථවාහන නීති කඩකළ පුද්ගලයින් 5,654ක් සම්බන්ධයෙන් මෝටර් වාහන පනතේ ප්‍රතිපාදන යටතේ කටයුතු කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *