වැඩ 11ක් කඩිනමින් ඉවර කරන්න අණ

නාගරික සංවර්ධන අධිකාරිය මඟින් ඇරැඹූ  ව්‍යාපෘති 11ක වැඩ කඩිනමින් අවසන් කරන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා බලධාරීන්ට උපදෙස් දුන්නේය.

මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට මහා භාණ්ඩාගාරය මගින් නාගරික සංවර්ධන අධිකාරියට රුපියල් මිලියන 1000ක් වෙන්කර තිබේ.

ගම්පහ පොදු වෙළඳපොළ සංවර්ධනය, පානදුර වෙළඳපොළ සහ බහුකාර්ය ගොඩනැගිල්ල සංවර්ධනය, අවිස්සාවේල්ල පොදු වෙළඳපොළ සංවර්ධනය, නින්දවූර් වෙරළ උද්‍යානය ඉදිකිරීම, මුලතිව් බස් නැවතුම්පොළ ඉදිකිරීම, අලව්ව පොදු වෙළඳපොළ සංවර්ධනය, වරකාපොළ බස් නැවතුම්පොළ සංවර්ධනය, මිනුවන්ගොඩ පොදු වෙළඳපොළ සංවර්ධනය, යෝජිත හොරණ පොදු වෙළඳ පොළෙහි සැලසුම හා ඉදිකිරීම, කෑගල්ල බස් ඩිපෝව ප්‍රතිස්ථාපනය කිරීම, අලව්ව පදික මංතීරුව හා රථවාහන නැවතුම සංවර්ධනය කිරීම කඩිනමින් අවසන් කරන ලෙසට දැනුම් දී ඇති ව්‍යාපෘති 11යි.

නගර මධ්‍යයේ ස්ථාපිත අනවසර ඉදිකිරීම්  ඉවත් කිරීම, පදික වේදිකා අලුත්වැඩියාව හෝ අලුතින් ඉදිකිරීම, නව රථගාල් ඉදිකිරීම, පවතින රථගාල් සංවර්ධනය, කසල බැහැර කිරීම සඳහා සුදුසු වැඩසටහන් හඳුන්වාදීම ඇතුළු තවත් විවිධ සංවර්ධන කටයුතු කරන බව නාගරික සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *