වැඩි මිලට ගෑස් මිලදී ගැනීමෙන් වළකින ලෙස ලිට්‍රෝ සමාගම පවසයි

වැඩි මිලට ගෑස් මිලදී ගැනීමෙන් වළකින්නැයි ලිට්‍රෝ සමාගම ජනතාවගෙන් ඉල්ලා සිටී.
එහි සභාපති තෙෂාර ජයසිංහ මහතා සඳහන් කළේ, ඇතැම් පිරිස් වැඩි මිලට ගෑස් අලෙවි කරන බවට ප්‍රදේශ රැසකින් තොරතුරු අනාවරණය වී ඇති බවය.

එබැවින් ලිට්‍රෝ සමාගමේ ප්‍රකාශිත මිල ගණන් යටතේ පමණක් ගෑස් මිලදී ගන්නැයි ඔහු ජනතාවට දැනුම් දෙයි.

ඒ අනුව ගෑස් කිලෝග්‍රෑම් 12 දශම 5ක සිලින්ඩරයක මිල 2675 කි.

වැඩි මිල ගණන් යටතේ ගෑස් අලෙවි කරන අලෙවිකරුවන් වේ නම් ඒ සම්බන්ධයෙන් ළඟම ඇති පොලීසිය පාරිභෝගික අධිකාරිය හෝ ලිට්‍රෝ සමාගම වෙත දැනුම් දෙන්නැයි සභාපතිවරයා ඉල්ලා සිටී.

ලිට්‍රෝ සමාගමේ 1311 ක්ෂණික ඇමතුම් ඒ සම්බන්ධයෙන් පැමිණිලි කළ හැකියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *