වාහන මිලදී ගැනීමේදී අවධානයෙන් සිටින ලෙස මුදල් අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටී

2015 වසරේ සිට 2022 දක්වා කාලය තුළ විවිධ නීති විරෝධී ක්‍රම මගින් වාහන රැසක් ශ්‍රී ලංකාවට ආනයනය කර ඇති බැවින් වාහන මිලදී ගැනීමේදී අවධානයෙන් පසුවන ලෙස මුදල් අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසුවේ, නීතිවිරෝධී මාර්ග ඔස්සේ ශ්‍රී ලංකාවට ආනයනය කළ වාහන 112ක් වංචා දූෂණ විමර්ශන කොමිසම භාරයට ගෙන ඇති අතර, එහි මුළු වටිනාකම රුපියල් මිලියන 7,000 ඉක්මවන බවයි.

“2015 සිට 2022 දක්වා කාලය තුළ මෙම වාහන විවිධ ක්‍රම මගින් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ගෙන්වා ඇත. මෙම වාහන ඒවායේ වත්මන් හිමිකරුවන්ගෙන් රාජසන්තක කිරීමට නියමිතයි. නියමිත ක්‍රමවේද ඔස්සේ එම වාහන ආනයනය කර ඇත්දැයි සොයා බැලීම ගැනුම් පාර්ශ්වයන්ගේ වගකීමයි. ” රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *