වාහන ආනයන සීමා ලිහිල් කරන්න බෑ – මහබැංකු අධිපති

රථවාහන ඇතුළු භාණ්ඩ ආනයනය සඳහා දැනට පවතින සීමා ලිහිල් කිරීමේ පසුබිමක් තවමත් නොමැති බව ශ‍්‍රී ලංකා මහ බැංකුවේ අධිපති මහාචාර්ය ඩබ්. ඩී. ලක්ෂ්මන් මහතා පවසා සිටියි. ඒ මහතා මේ බව පවසා සිටියේ කොළඹ මහ බැංකු මූලස්ථානයේ දී ඊයේ (12) පැවැති මාධ්‍ය හමුව අමතමිනි.

ඒ මහතා පෙන්වා දෙන්නේ ආනයන සීමා ලිහිල් කිරීමට තරම් ප‍්‍රමාණවත් වන පරිදි ගෙවුම් ශේෂයේ තත්ත්වය හැඩගැසී නොමැති බවයි. එම තත්වය මත අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ ආනයන සීමා තවදුරටත් පවත්වාගෙන යා යුතු බවටයි ඔහු පවසා සිටින්නේ.

මෙම තත්වය මත ඇතැම් භාණ්ඩ වල හිඟයන් ඇති විය හැකි නමුත් මේ අවස්ථාවේ ආනයන පාලනයන් ලිහිල් කළහොත් නැවතත් ගෙවුම් ශේෂය පරණ තිබුණ තත්ත්වයට පත්වනු ඇති බවටයි මෙහදී මහබැංකු අධිපතිවරයා අවධාරණය කර සිටියේ.

යම් කිසි දුක්විඳීමකින් තොරව සතුටුදායක, සැපදායක තත්ත්වයකට පැමිණීමට අපහසු බවත්, එවැනි අවස්ථාද ඉඳ හිට පැමිණිය හැකි බවද සඳහන් කළ මහ බැංකු අධිපතිවරයා, මෙහිදී මහජනයාගේ අවබෝධය සහ ආධාරය අවශ්‍ය වන බවද පවසා සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *