ව්‍යාජ ලේඛන සකස් කරමින් කළ වංචාව

තෙල්දෙණිය විශේෂ අපරාධ ඒකකය විසින් මොටර් රථයක් මිලදි ගැනීම සඳහා මුල්‍ය ආයතනයක් වෙත ව්‍යාජ ලේඛන ඉදිරිපත් කළ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියේ, දිගන ප්‍රදේශයේ පුද්ගලික හා රාජ්‍ය බැංකු ගිණුමක රුපියල් ලක්ෂ 28ක මුදලක් ඇති බවට බැංකු කළමනාකරුගේ අත්සනින් යුතුව එම ව්‍යාජ ලේඛන සකසා තිබු බවය.

පසුව සැකකරු විසින් රුපියල් ලක්ෂ 24ක් වටිනා මෝටර් රථයක් ලීසිං ක්‍රමයට මිලදී ගැනීම සඳහා එම ව්‍යාජ ලේඛන අදාළ මුල්‍ය ආයතනය වෙත ලබාදී ඇති බව වාර්තා වේ.

අත්අඩංගුවට ගත් සැකකරු බත්තරමුල්ල ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි අයෙක් බවට හඳුනා ගෙන තිබේ.

සැකකරු අද දින තෙල්දෙණිය අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *