වසංගත තත්ත්වයකට මුහුණ දෙමින් ජනතාව වෙනුවෙන් උපරිම සේවයක් කිරීමට උත්සහ කරන බව අගමැති පවසයි

ලෝක වසංගතයකට මුහුණදෙමින් රජය ජනතාව වෙනුවෙන් උපරිම සේවයක් ඉටු කිරීමට උත්සහා දරන අවස්ථාවක ඇතැමුන් දේශපාලන අරමුණු වෙනුවෙන් රජය පිඩාවට පත්කරමින් විවිධ ඉල්ලීම් සිදුකරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. අග්‍රාමාත්‍යවරයා මේ අදහස් පළ කළේ, විදේශ අමාත්‍යාංශයේ කුරුණෑගල ප්‍රාදේශිය කොන්සියුලර් කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ අත්තර්ජාලය ඔස්සේ සජීවිව එක්වෙමිනි. විදේශ අමාත්‍යාංශයේ කුරුණෑගල ප්‍රාදේශිය කොන්සියුලර් කාර්යාලය විවෘත කිරීම විදේශ දිනේෂ් ගුණවර්ධන හා මහාමාර්ග ජොන්ස්ටන් ප්‍රනාන්දු යන අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ සිදුකෙරුණි. එම අවස්ථාවට අන්තර්ජාල විඩියෝ තාක්ෂණය ඔස්සේ එක්වු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැමිණ සිටි පිරිස ඇමතුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *